දේශීය

අනිද්දා සිට සුපුරුදු පරිදි රාජ්‍ය ආයතනවල වැඩ ඇරඹේ

(UTV | කොළඹ) – රජයේ ආයතන සඳහා සේවකයන් කැඳවීම සීමා කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් ජුනි 17 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය හෙට (24) දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව අනිද්දා (25) සිට සියලුම කාර්ය මණ්ඩල කැඳවා රජයේ ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න පැවසීය.

මේ වනවිට ඉන්ධන බෙදීම යථාවත් කෙරෙමින් පවතින අතර, ඉදිරි දිනවලදී පොදු ප්‍රවාහන සේවාවන් ද යථා තත්ත්වයට පත් විය හැකි බැවින් මෙලෙස රජයේ ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවද ලේකම්වරයා සඳහන් කළේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පසුගියදා චක්‍රලේඛයක් මගින් මේ බව දන්වා තිබිණි.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

අධික වර්ෂාව නිසා ප්‍රදේශ රැසකට විදුලි සැපයුම ඇණහිටී

Mohamed Dilsad

මංකිපොක්ස් ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment