දේශීය

කොන්දේසි සහිතව ටයිල් ආනයනයට අවසර

(UTV | කොළඹ) – මේ වන විට ආනයන සීමා යටතේ මෙරටට ගෙන්වීම තහනම් කර ඇති ටයිල් ඇතුළු ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් කොන්දේසි සහිතව ආනයනය කිරීමට අදාළව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘති නොවන අනුමත සහාධිපත්‍ය (Condominium) ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, හෝටල් ව්‍යාපෘති සහ රජයේ ව්‍යාපෘති සඳහා අදාළ ආනයන කිරීමට අවසර හිමිවන අතර අදාළ ආනයනික භාණ්ඩ සෘජුව හෝ වක්‍රව නැවත විකිණීමේ අරමුණින් ගෙන්වන ඒවා නොවිය යුතුවේ.

මේ සඳහා සිදුකරන ගෙවීම් සඳහා දින 180 ක ණය කාලයක් යටතේ වන ණයවර ලිපි මගින් කළ යුතු අතර ඒ සඳහා ආනයන අපනයන පාලක, භාණ්ඩාගාර ලේකම්, මුදල් අමාත්‍යවරයාගේ අවසරය ලබා ගැනීම වැනි කොන්දේසි ඊට ඇතුළත් වේ.

Related posts

2022 වසර පිළිගනු ලබන්නේ දැඩි උද්යෝගයකින් සහ අපේක්ෂා සහගතවයි

Mohamed Dilsad

වරාය නගරය ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති ජනපති ලේකම්ට දැනුම් දෙයි

Mohamed Dilsad

රන්ජන්ගේ හඬපට ගැන අගවිනිසුරු නිවැරදි තීරණයක් ගත යුතුයි – අගමැති

Mohamed Dilsad

Leave a Comment