දේශීය

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටු වෙන ලකුණු

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම මේ මොහොතේ අවශ්‍යම පියවරක් බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය සමනයවීමෙන් පසු ක්‍රමාණුකූලව එම සීමා ඉවත්කරන බවය.

“මේ වෙලාවේ අපි රටක් ලෙස තීරණය කරන්න ඕනේ.. ලැබෙන සීමිත විදේශ විනිමය ප්‍රමාණය පාවිච්චි කරන්නේ මොනාටද කියලා. තෙල්, බෙහෙත්, ගෑස්, ගේනවාද? එහෙම නැත්තම් දුරකථන, මෝටර් රථ, ටෙලිවිෂන් එකක් ගන්නවාද? කියලා. ඒ මුදල් අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් පාවිච්චි කරාම ජනතාවට විශාල පහසුවක් ඒ තුළින් සැපයෙනවා මේ වගේ අවස්ථාවක. ඒ නිසා තමයි අත්‍යවශ්‍ය නොවන දේවල් තහනම් කළේ. මේවා තාවකාලිකව කරන දේවල්. යම් ව්‍යාපාරවලට බලපෑම් සිදුවෙන බව නොදැන නෙමෙයි මේක කළේ. නමුත් මේ වෙලාවේ වැදගත් තිබෙන සීමිත සම්පත් ප්‍රමාණය වඩාත් කාර්යක්ෂම විදිහට භාවිත කිරීමයි. මේ තත්ත්වය සමනය වුණාට පස්සේ ක්‍රමාණුකූලව සීමා ඉවත් කරන්න පුළුවන්.”

Related posts

IMF වැඩසටහනේ ප්‍රගතිය කෙසේද ?

Mohamed Dilsad

දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය විවෘත කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියපු කතාව

Mohamed Dilsad

Leave a Comment