දේශීය

ලංකාවේ ණය ගැන ජපානයෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවට ණය දී ඇති සියලූ රටවල් එකතුවීම වැදගත් බව ජපානය පවසනවා.

ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සම්බන්ධීකරණය කිරීම ජපානය විසින් සිදුකරන බවයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට ණය දී ඇති සියලු රටවල් සඳහා ආරාධනා කරන්නැයි ජපානයෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ රොයිටර් පුවත් සේවය සමග පවසා තිබුණා.

එහෙත් එවැනි රැස්වීමක් සඳහා ශ්‍රී ලංකාව සමග කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි ජපාන විදේශ අමාත්‍ය යොෂිමසා හයාෂී සඳහන් කර ඇත්තේ.

Related posts

හෙරොයින් කිලෝවක් සමඟ කාන්තාවක අත්අඩංගුවට

Mohamed Dilsad

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද සිට යළි විවෘතයි

Mohamed Dilsad

සංක්‍රාන්තික සමාජභාවී ප්‍රජාව, සමාජයේදී මුහුණදෙන ගැටළු ගැන අනාවරණයක්

Editor O

Leave a Comment