දේශීය

වෙළෙඳපොලේ පොල් හිඟයක්

(UTV | කොළඹ) – මාස දෙකක් තුළදී පොල් ගෙඩි මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් පාකිස්ථානය වෙත අපනයනය කිරීම හේතුවෙන් ඉදිරියේදී වෙළෙඳපොල තුළ පොල් හිඟයක් නිර්මාණය විය හැකි බව සමස්ත ලංකා පාරම්පාරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කරයි.

එමෙන්ම ඉදිරි කාලය මෙරට පොල් ඵලදාව අඩුවෙන් ලැබෙන කාලසීමාවක් වන බැවින් පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙලෙස පොල් අපනයනය කිරීම මගින් එම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැදවුම්කරු බුද්ධික ද සිල්වා පැවසීය.

Related posts

ඊයේ හඳුනාගත් කොරෝනා අසාදිතයින්ගේ තතු

Mohamed Dilsad

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

ලංකා බැංකුවේ ශාඛා විසිතුනක් වහයි

Mohamed Dilsad

Leave a Comment