දේශීය

ජෙයරාජ් ඝාතනය : හිටපු SP සහ හිටපු LTTE සාමාජික නිදහස්

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එවකට ගම්පහ හිටපු පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු යැයි කියන සෙල්වරාජා කිරුභාකරන් හෙවත් මොරිස් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණ.

ඒ ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා විසින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

2008 වසරේ අප්‍රේල් මස 06 වැනිදා වැලිවේරිය කාන්ති ක්‍රිඩාංගනය අසලදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ජෙරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනයට ලක් විය.

ගම්පහ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ ලක්ෂමන් කුරේ මහතා මෙම බෝම්බ ප්‍රහාරවලට සෘජු සබඳතාවයක් ඇතැයි චෝදනා නඟමින් අත්අඩංගුවට ගත්තේ 2009 අගෝස්තු 12 වැනිදායි.

Related posts

ප්‍රදේශ කිහිපයක වැසි

Mohamed Dilsad

සිංගප්පූරුවේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 291 ක් අද මෙරටට

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලක සාමාජිකයින් සිව් දෙනෙකුට සිර දඬුවම්

Editor O

Leave a Comment