දේශීය

අද කොළඹ ප්‍රදේශ රැසකට පැය 18 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (03) පෙරවරු අටේ සිට පසුදින අලුයම දෙක දක්වා පැය 18 ක කාලයක් කොළඹ ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ මෙන්ම මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටද එම කාලසීමාවේදී ජල සැපයුම අත්හිටුවනු ඇති.

එසේම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවීමටයි පියවර ගැනෙන්නේ.

අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබෙනවා.

Related posts

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000 ප්‍රදානයක්

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ගුරුවරුන්ගේ වැඩ වර්ජන ගැන ඇමති සුසිල්ගෙන් සැර කතාවක්

Editor O

Leave a Comment