දේශීය

සීනිගම දේවාලයේ පෙරහැර නිසා ගාලු පාරේ රථවාහන ධාවනයට සීමා

(UTV | කොළඹ) – අද (04) දහවල් 12.10 සිට රාත්‍රී 8.00 දක්වා ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි.

ඒ, සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙනි.

පෙරහැර , සීනිගම දේවාලයේ සිට ගාලුපාර ඔස්සේ කොළඹ දෙසට ගමන් කර , තෙල්වත්ත හන්දියෙන් දකුණට හැරී පුරාණ තොටගමුව රන්පත් රජමහා විහාරය දක්වා ගොස් නැවත එම මාර්ගය ඔස්සේ දේවාලය වෙත පැමිණීමට නියමිතය.

එම කාලය තුල ගාල්ල සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන එක් මංතීරුවක ගමන් කරවීමට කටයුතු සූදානම් කර තිබේ.

සිදුවන අපහසුතා අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

මේ අතර මාතර වෙරළ පාර පිහිටි අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍ය හේතුවෙන් ඒ ආශ්‍රිත මාර්ග රැසක රථ වාහන ධාවනය සීමා කිරිමට සිදුවනු ඇතැයි පොලිසිය පවසයි.

ඒ අනුව අද (04) සිට ලබන 11 වැනිදා දක්වා උදෑසන 8 සිට පස්වරු 2 දක්වා කාලය තුළ ඒ ආශ්‍රිත මාර්ගවල රථ වාහන ධාවනය සීමා කරනු ඇති.

Related posts

කඳානේ වෙඩිතැබීමේ සුලමුල හෙළිවෙයි

Mohamed Dilsad

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ජනාධිපතිවරණ වියදම් ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment