දේශීය

ස්වාධින පක්ෂ එකමුතුවේ ‘උත්තර සභාගය’ අද එළි දකී

(UTV | කොළඹ) – ස්වාධින පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් බිහිවන අලුත් සභාගයේ ජනගත කිරීමේ මංගල මහා සමුළුව අද (04) සවස 3.00ට මහරගම තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

උත්තර සභාගය ලෙස නව සන්ධානය නම් කර තිබෙනවා.

විමල් වීරවංශ – වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිළ යන මන්ත්‍රීවරුන් ඇතුලු මහජන නියෝජිතයන් මෙම සන්ධානයට ඇතුළත්.

රටේ ප්‍රශ්න වවාගෙන කෑම වෙනුවට, ප්‍රශ්නවලින් හෙම්බත් වුණු රටට උත්තර සපයන ‘උත්තර සභාගයක්’ ස්වාධීන පක්ෂ එකමුතුව විසින් ගොඩනගන බව ජාතික නිදහස් පෙරමුණේ නායක මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

තම කණ්ඩායමේ දේශපාලන අවංකභාවය, දේශපාලන ඒකාග්‍රතාවය වඩා තීව්‍ර හා ජවසම්පන්න කොට, රටේ ජන අභිලාෂයන් ඉටු කිරීම සඳහා මහා පවුරක් ගොඩනැගීම මෙහි අරමුණ බව ද වීරවංශ මහතා සඳහන් කළේය.

මෙය රටට ගාම්භීර අනාගතයක් අවශ්‍ය බව තේරුම් ගෙන සිටින තරුණ පරම්පරාවේ අපේක්ෂාවන් සඵල කරන උත්තර සභාගයක් බවට පත්වනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම කීවේය.

ස්වාධීන පක්ෂ එකමුතුව මෙසේ ගොඩනඟනු ලබන උත්තර සභාගයට තවත් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, තරුණ සංවිධාන අන්තර්ගත කර ගැනීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කීය.

මෙම සභාගය හා එක්වෙමින් රටේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක ඇරඹුමට දායක වෙන්නැයි සියලු දෙනාට විවෘත ආරාධනයක් කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

වාහන අංක තහඩුවේ පළාත හැදින්වෙන අක්ෂරය ඉවතට

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

රටඉඳි සඳහා වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලකින් අඩු කෙරේ

Mohamed Dilsad

Leave a Comment