දේශීය

චීන පොහොර ගණුදෙනුවේදී සිදුවූ අකටයුතුකම් ගැන විගණකාධිපති වාර්තාවෙන් අනාවරණයක්

(UTV | කොළඹ) –  ආන්දෝලනයට තුඩු දුන් චීන පොහොර නෞකාවේ නියැදි ගෙන්වා රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කිරීමට පෙර තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් සැපයුම්කරුවන්ගෙන් පොහොර ගෙන්වීමට නිර්දේශ ලබාදී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවේ සඳහන් වනවා.

ඒ අනුව 2021 වර්ෂයේ අගෝස්තු මස 01 වනදා ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ජාතික ශාක ආරක්ෂක පනතට සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියට අනුකූල ද නැද්ද යන්න නියැදි ගෙන්වා රසායනාගාර පරීක්ෂණයන්ට ලක් කිරීමට පෙර පොහොර ගෙන්වීමට නිර්දේශ කර ඇති බවද එම වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම තාක්ෂණික ඇගයීමේ කමිටුවේ සභාපතිවරයා පමණක් එක් එක් ලන්සුකරුගේ පූර්ව සුදුසුකම් පරීක්ෂාවට අදාළ ලියකියවිලි සඳහා අත්සන් තබා ඇති බැවින් අනෙකුත් තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජිකයින් තාක්ෂණික ඇගයීම්වලට සහභාගී වී නොතිබුණු බවයි එම වාර්තාව මගින් අනාවරණ කර ඇත්තේ.

පොහොර ගෙන්වීමට අදාළ නිර්දේශ ලබාදීමේදී කෘෂිකර්ම අමාත්‍යංශයේ සාමාජිකයින්ට හා තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයින්ට දැනුමක් නොතිබුණු බව ද එම වාර්තාවේ සදහන්. එබැවින් සැපයුම්කරුවන් විසින් ලබාදුන් තොරතුරු මත තීරණ ගැනීමට සිදුවූ බව සඳහන් කරමින් ඉදිරියේදී නැවත මෙවැනි ආකාරයේ ප්‍රසම්පාදනයන් සිදුකිරීම නුසුදුසු බව ද අදාළ වාර්තාවේ දක්වා තිබෙනවා.

ඒ අනුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ තීරණයක් මත මෙම සැපයුම්කරු තෝරා ගැනීම සහ පොහොරවල ප්‍රමිතිය තීරණය කිරීම ඇතුළු තාක්ෂණික ඇගයීම් කමිටුවේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදුව නොමැති බවට නිරීක්ෂණය වූ බව ද එම විගණන වාර්තාවේ සඳහන්.

මේ අතර ආන්දෝලනයට තුඩු දුන් චීන පොහොර නෞකාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ද අදහස් පළ කළා. ඔහු පැවසුවේ මෙම ගනුදෙනුව අවසන් කළ හැකි ආකාරයක් සම්බන්ධයෙන් මෙරට චීන තානාපතිවරයා සමග මෙන්ම විදේශ අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

Related posts

දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළෙයි

Mohamed Dilsad

ඡන්දෙට අවශ්‍ය මූලික වියදම රුපියල් මිලියන 770ක්

Mohamed Dilsad

රංගජීව සමාව අයදී

Mohamed Dilsad

Leave a Comment