දේශීය

“ඔබතුමා ඔහොම ඉන්න – ඔබතුමා දේශපාලනයට නම් එන්න එපා – මොකද ඔබතුමා දේශපාලනයට සුදුසු නෑ”

(UTV | කොළඹ) – නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය එම පක්ෂයේ නායකත්වය දරනු ලබන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් අද (05) උදෑසන විවෘත කෙරුණි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද එම අවස්ථාවට එක්ව තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් නව ලංකා නිදහස් පක්ෂයේ නායක, කුමාර වෙල්ගම මහතා සුබ පැතුම් එක්කර තිබේ.

එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වෙල්ගම මහතා පවසා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට එක්නොවිය යුතු බවය.

“මහින්ද මහත්තයා හොඳ කෙනෙක් වුණාට රටට වැඩිය පවුලට ළැඳියි. එහෙම නැත්නම් එතුමාට ගියපාර ජ්‍යෙෂ්ඨත්වය දුන්නා නම් අද වෙන කෙනෙක් මේ රටේ ජනාධිපති, ඒ වගේම මේ වෙච්ච ඇබැද්දිය එතුමාට කවදාවත් වෙන්නේ නෑ. ගෝඨාභය මහත්තයා අවුරුදු 2කට අඩු කාලයක් තුළ මම හිතන්නේ ජනාධිපති ධුරය අතහැරලා දාලා, උමං මාර්ගයෙන් මේ රට දාලා ගියා. දැන් එතුමා ඇවිත් තියෙනවා. අපි එතුමාට සුබ පතනවා. ඔබතුමා ඔහොම ඉන්න. ඔබතුමා දේශපාලනයට නම් එන්න එපා. මොකද ඔබතුමා දේශපාලනයට සුදුසු නෑ. සමහර අය කියනවා අගමැතිකම දෙනවා කියලා. ඊට වැඩිය හොඳයි ඔබතුමාට පින්වන්ත නෝනාකෙනෙක් ඉන්නවා. එයත් එක්ක තියෙන පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා හිටියා නම් හොඳයි කියලා. අනුන්ගේ රැවටිලිවලට අහුවෙන්න නම් එපා. මොකද අපිත් පාර්ලිමේන්තුවේ ඉන්නවා නේ. අපේ කටවල් හොඳ නෑ. අපි මොනවා කියයි ද දන්නේ නෑ”

Related posts

පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

විපක්ෂනායක ඇතුළු පක්ෂ නායකයන්ට ආණ්ඩුවෙන් සීමාවක්

Editor O

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment