දේශීය

එක්සත් ජාතික පක්ෂ 76 වැනි සංවත්සරය අද

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ 76 වැනි සංවත්සරය අදයි.

1946 සැප්තැම්බර් 06 වැනි දින කොළඹ ෆාම් කෝට් මන්දිරයට එක් වූ ලංකා ජාතික සංගමයේ නායකයන් ප්‍රමුඛ සිංහල මහ සභාව, ශ්‍රී ලංකා යෝනක සංගමය, මැලේ ජාතික සංගමය, බර්ගර් පෙරමුණ, ද්‍රවිඩ සංගමය, මුස්ලිම් පෙරමුණ, යුරෝපීය සංගමය, හෙළ හවුලේ ඇතැම් කොටස් එක් වී එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගත්තේ ජාතික අරමුණු රාශියක් ඉදිරියේ තබා ගනිමිනි.

රට ගොඩ ගැනීමට සියලු දෙනා එක් කර ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සම්මේලනය ‘එක්ව රට ගොඩනඟමු’ යන තේමාව යටතේ අද (06) පස්වරු 3ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර සමුළුව පවත්වන්නේ වසර 28කට පසුවය.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයකු යටතේ ඔවුන් සංවත්සර සමුළුවක් පවත්වා ඇත්තේ 1993දීය.

Related posts

ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට තෑග්ගක්

Editor O

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාව අද සිට

Mohamed Dilsad

අද දිනයේ පාසැල් පැමිණි සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය

Mohamed Dilsad

Leave a Comment