දේශීය

කාණුවක වැටී සිර වී සිටි පාසල් සිසුවා මරුට

(UTV | කොළඹ) – කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ අතුරු මාර්ගයේ කාණුවකට ඇද වැටී සිර වී සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු මිය ගොස් තිබේ.

අද (05) දහවල් 2.00ට පමණ පාසල නිමා වී අතුරු මාර්ගය ඔස්සේ සිය නිවසට යමින් සිටි මෙම සිසුවා මාර්ගයේ පටු ස්ථානයකදී එම මාර්ගයේ පැමිණි වාහනයකට ඉඩ දීම සඳහා කාණුවේ ගැට්ට මතට ගොඩවන විට ඔහුගේ පය ලිස්සා ඒ තුළට ඇද වැටී ඇති බව වාර්තාවේ.

කුරුණෑගල මහ නගර සභාවේ සේවකයින්, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව මහත් පරිශ්‍රමයක් දරා එම පාසල් සිසුවා ගොඩට ගෙන තිබේ.

මුදා ගැනීමෙන් පසුව ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වී ඇත.

Related posts

ETI අධ්‍යක්ෂවරුන් හතරදෙනා සී.අයි.ඩී හමුවට

Mohamed Dilsad

ඉන්ධන අර්බුදය නිසා එළවළු මිල පහළට

Mohamed Dilsad

ප්‍රතිපත්ති පොලී අනුපාතය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තීරණයක්

Editor O

Leave a Comment