දේශීය

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත බ්‍රහස්පතින්දා විවාදයට

(UTV | කොළඹ) – සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ඊයේ (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට නියමිතව තිබුණද මන්ත්‍රීවරුන් විවාදයක් අවශ්‍ය බව පෙන්වා දීම හේතුවෙන් ඊට අදාළ විවාදය ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය විය.

මේ සදහා සංශෝධන ද ඉදිරිපත්කර ඇති හෙයින් මේ පිළිබදව විවාද කිරීමේ අවශ්‍යතාව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු කථානායකවරයාගෙන් ඉල්ලා සිටීම නිසා මෙම තීරණය ගන්නා ලදී.

මේ අනුව ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ 2022 වර්ෂය සදහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව පිළිබද සභාව කල්තැබීමේ විවාදය වෙනත් දිනකදී පැවැත්වෙනු ඇත.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ඊයේ(06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබිණි.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හදුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙන ලදී. වාර්ෂික පිරිවැටුම රු. මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුම මත සියයට 2.5 ක අනුපාතයකින් මෙම බද්ද අය කෙරේ

Related posts

කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන්

Mohamed Dilsad

සයිනොපෙක් දෙවන ඉන්ධන තොගය අද දිවයිනට

Mohamed Dilsad

යළිත් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

Leave a Comment