දේශීය

‘දරාගත නොහැකි ණය සහිත රටවල් අතර ශ්‍රී ලංකාවත්’

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය යහපත් තත්ත්වයක නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.

ඇය මේ බව පවසා ඇත්තේ, නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමිනි.

කෝරෝනා වසංගතයෙන් බැට කෑ ජනතාව මේ වනවිට උද්ධමනයෙන් පීඩා විඳිමින් සිටින බවත් මෙම අවස්ථාවේ සියලු මනුෂ්‍ය වර්ගයාට එකට එකතුවීම සඳහා ආරාධනා කිරීමට පසුබට නොවිය යුතු බව ද ජෝර්ජිවා මහත්මිය පවසා තිබේ.

මේ අවිනිශ්චිත ත්ත්තවය සෑම කෙනෙකුටම පීඩාවක් ඇති කර තිබෙනවා.කෝරෝනා වසංගතයෙන් බැට කෑ ජනතාව දැන් උද්ධමනයෙන් දුක් විඳිනවා.

ජෝර්ජිවා සමුළුව අමතමින් වැඩිදුරටත් පවසා ඇත්තේ, උද්ගතව ඇති මෙම තත්ත්වය එක් රටකට පමණක් උරුම වූ තත්ත්වයක් නොවන බව ත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට ණය බර දරාගත නොහැකි තත්ත්වයක් මතුවෙමින් පවතින බවත් ය.

දිළිඳු රටවල් 60%ක් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයේ පසුවන බැවින් ආර්ථික ක්‍රියාදාමය පිළිබඳව සාමාන්‍ය ආකාරයට සිතිය නොහැකි බව ත් බලවත් බැංකු පද්ධතියක හා ස්ථාවර ආර්ථිකයක අවශ්‍යතාව ද ඇය එහිදී පෙන්වා දී ඇත.

Related posts

පිටකොටුවේ බස් සේවකයන් සහ නාට්ටාමිවරුන් PCR පරීක්ෂණයට

Mohamed Dilsad

සපුගස්කන්ද කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කරගැනීමට සහය වන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

බස්නාහිරින් පිට වෙන්න හැදු 13 දෙනෙකු ආසාදිතයින් බව හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment