දේශීයවිදෙස්

දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වෙයි

(UTV | බ්‍රිතාන්‍ය) – වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටි බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයේ වැඩිම කලක් කිරුළ දැරූ දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා. දෙවන එළිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍යයේ කිරුළ වසර 70ක් පුරා එහි ගෞරවය ආරක්ෂා කර ගනිමින් හිස දරා සිටි අතර ඇය අභාවප්‍රාප්ත වන විට 96 වැනි වියේ පසුවුණා.

ඇය පසුගිය බ්‍රහස්පතින්දා සිට රෝගී තත්වයක් නිසා වෛද්‍යවරුන්ගේ සමීප නිරීක්ෂණය මත ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාලිගයේ සිට තිබෙනවා. කෙසේවෙතත් අද ඇයගේ රෝගී තත්වය උත්සන්නවී තිබෙනවා. එහිදී ඇය මියයන අවසන් මොහොතේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ රාජකීය පවුලේ සමීපතමයින් රැසක් බැල්මෝර් මාලිගයේ රැස්ව සිටිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අභාවප්‍රාප්ත වූ එළිසබෙත් රැජිනගේ දේහය හෙට ලන්ඩනයට රැගෙන එන බවයි වාර්තා වන්නේ. මෙම අවාසනාවන්ත පුවත සැලවීමත් සමග බ්‍රිතාන්‍ය වැසියන් විශාල වශයෙන් බකිංහැම් මාලිගය ඉදිරිපිට එක්රැස් වනබව එරට මාධ්‍ය වර්තාකරනවා. ඇය 21 වැනි සියවසේ මහා රාජිනියයි. රැජිනකගේ ගෞරවය මුළු ලොවින්ම දිනාගත් එකම රැජිනයි. ඔබට සුබ ගමන්.

Related posts

ප්‍රදේශ රැසක නීතිය හා සාමය පවත්වාගෙන යාමට බාධාවක්

Mohamed Dilsad

කටුනායක ගුවන් තොටුපොළ තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

හුදෙකලා කර ඇති ප්‍රදේශවල විදුලි බිල සඳහා සහන කාලයක්

Mohamed Dilsad

Leave a Comment