දේශීය

ඩී. වී. චානක රාජ්‍ය ඇමති ධුරය එපා කියයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක තමන්ට ඊයේ (08) ලැබුණු වනජීවි හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය ඇමැති ධුරය ප්‍රතික්ෂේප කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමැති ධුරයේ දිවුරුම් දී පැයක වැනි කාලයකදී මන්ත්‍රීවරයා මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව ඩී. වී. චානක මන්ත්‍රීවරයාට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ධුරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධද ජනාධිපතිවරයා ඉදිරිපිට (08) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ කාංචන විජේසේකර මහතාය.

Related posts

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපති

Mohamed Dilsad

සම්බන්ධන් සහ දිගම්බරන්ට පාර්ලිමේන්තුව මාස 3 ක නිවාඩු අනුමත කරයි

Mohamed Dilsad

තැපැල් ඡන්දය සලකුණු කිරීම ඇරඹේ

Editor O

Leave a Comment