දේශීයව්‍යාපාරික

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000 ප්‍රදානයක්

(UTV | කොළඹ) – චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් එක් සළකුණක් ලෙස චීන රජය විසින් ක්‍රියාත්මක කරන, ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ප්‍රධානයක් වශයෙන් සහල් ලබා දීමේ වැඩපිළිවෙලේ පියවරක් ලෙස, සහල් මෙට්‍රික් ටොන් 5,000ක් නිල වශයෙන් රජය වෙත ලබා දීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී, අධ්‍යාපන අමාත්‍ය, ආචාර්යසුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා ඇතුළු දෙපාර්ශවයේම නිළධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට මෙම ආහාර වැඩසටහන යටතේ සහල් ආධාර ලබා දේ, තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය වේ.

Related posts

බැසිල්ට එරෙහි ලිත් නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් ළහිරු ජාතික රෝහලට

Mohamed Dilsad

දුම්රිය සේවකයින් 360කට කොවිඩ්: තිදෙනෙකු මිය යයි

Mohamed Dilsad

Leave a Comment