දේශීය

හෙට වතුර කපන ප්‍රදේශ මෙන්න

(UTV | කොළඹ) – හෙට (13) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

හාරිස්පත්තුව, අකුරණ , ජූජාපිටිය ,පාතදුම්බර, මහනුවර මහ නගර සභා බලප්‍රදේශය, අම්පිටිය සහ හන්තාන යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව දැනුම් දෙයි.

ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට පස්වරු 8.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටු වන බව වැඩිදුරටත් පවසයි.

Related posts

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 4050ක් වේ

Mohamed Dilsad

රාජ්‍ය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිෂම ගත් තීරණය

Editor O

Leave a Comment