දේශීයව්‍යාපාරික

කුකුළුමස් – බිත්තර හිඟය

(UTV | කොළඹ) – කුකුළු කර්මාන්තය සඳහා 2021 වසරේ දී කිකිළියන් 80,000ක් ආනයනය කළද මෙම වසරේ එය 7000 දක්වා අඩුවීම නිසා ඉදිරි කාලයේ දැනටත් වඩා බිත්තර හා කුකුළුමස් හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇතැයි එම කර්මාන්තකරුවෝ පවසති.

මෙරට බිත්තර හා කුකුළු මස් කර්මාන්තය රැකගැනීම සඳහා ඊයේ (12) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුකුළු කර්මාන්තකරුවන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

මෙම වසරේ ජුලි මාසය වන විට මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 164ක් හා කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18ක් දක්වා අවම වී තිබූ බවත් මෙම වසරේ අප්‍රේල් මාසයේ දී මෙරට කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 21ක් හා බිත්තර නිෂ්පාදනය මිලියන 220ක් දක්වාත් ඉහළ මට්ටමක පැවතුණු බවත් කුකුළු කර්මාන්තකරුවෝ කීහ.

ආර්ථික අර්බුදකාරී තත්ත්වය මැද සත්ව ආහාර මිල ඉහළ යාම හා 2021 වර්ෂයේ මහ කන්නයේ දී රසායනික පොහොර තහනම හේතුවෙන් මෙරට බඩඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 90,000ක් දක්වා පහත වැටීම සත්ව ආහාර හිඟයට හේතු වූ බව කී කර්මාන්තකරුවෝ සත්ව ආහාර සැකසීමට යොදාගන්නා බඩඉරිඟු වෙනුවට ආදේශකයක් වශයෙන් දැනට පිටරටින් මෙරටට ආනයනය කර ඇති සහල්වලින් කොටසක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළහ.

Related posts

උසස් පෙළ විභාගය සඳහා විශේෂ ප්‍රවාහන සැලැස්මක්

Mohamed Dilsad

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

ජයන්ත සමරවීර නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment