දේශීය

මඩ ප්‍රචාරට එරෙහිව හරීන් CCID යයි

(UTV | කොළඹ) – සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තමන්ට සම්බන්ධ අසත්‍ය චෝදනා වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට (CCID) පැමිණිල්ලක් ගොනු කර තිබේ.

තමා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල වී ඇත්තේ “Professional Group SJB” නමින් හඳුන්වන කණ්ඩායමක් විසින් WhatsApp හරහා ප්‍රචාරය කරන බව CCID වෙත කළ පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි.

වට්ස්ඇප් හරහා හුවමාරු වන පණිවිඩ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ, මල්ෂා කුමාරතුංගගේ සහ තමාගේ නම්වලට මඩ ගැසීමක් ද දක්නට ලැබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

ඇතැම් පිරිස් විසින් සමාජ මාධ්‍ය වේදිකා හරහා තමන්ට එරෙහිව දිගින් දිගටම මඩ ප්‍රචාර ගෙන යන බව අමාත්‍යවරයා CCIDයට පෙන්වා දුන්නා.

වට්ස්ඇප් පණිවිඩයේ ඇති සියලු චෝදනා අසත්‍ය බව පවසමින් ඔහු මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස සීසීඅයිඩීයෙන් ඉල්ලා සිටියේය.

Related posts

නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

බස්නාහිර පළාතේ සිරවී සිටින ශ්‍රමිකයින් පිටත් කර හැරීම සඳහා වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ප්‍රියන්ත කුමාරගේ පවුලේ සුබසාධනයට මිලියන 2.5ක්

Mohamed Dilsad

Leave a Comment