විදෙස්

යුක්‍රේන ජනාධිපති ගමන්ගත් වාහනය අනතුරකට ලක්වෙයි

(UTV |  යුක්‍රේන) – යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ගමන්ගත් මෝටර් රථය එරට අගනුවර මාර්ගයකදී අනතුරකට ලක්වී තිබේ.

ගැටුම් පවතින ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක් නිමවා නැවත පැමිණෙමින් සිටියදී ඔහු ගමන්ගත් වාහනය වෙනත් වාහනයක ගැටී තිබුණි.

එම අනතුර හේතුවෙන් ජනාධිපතිවරයාට බරපතළ තුවාල සිදුවී නොමැති අතර අනෙක් වාහනයේ රියදුරාව වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබේ.

එහෙත් එම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා විය.

Related posts

ඉන්දුනීසියාවට ප්‍රබල භුකම්පනයක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය තුළ තවත් නව කොරෝනා ප්‍රභේදයක්

Mohamed Dilsad

පාකිස්ථානයේ බස් රථයේ සිටි පුද්ගලයන් 14 ක් වෙඩි තබා ඝාතනය කෙරේ..

Mohamed Dilsad

Leave a Comment