දේශීය

ආර්ථිකේ ගැන දැනුවත් නොමැති තුන් කට්ටුවක් රට විනාශ කළා [VIDEO]

(UTV | කොළඹ) – වර්තමානයේ රට වැටී තිබෙන තත්ත්වය පසුගිය වසර දෙක හමාරක කාලයක් පැවැති රජය නිර්මාණය කළ දෙයක් සේම ජනතාවගේ විශ්වාසය කඩ කිරීමේ ගැටලුවක් බවත් හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමති ලෙස කටයුතු කළ මොළ හතක් ඇතැයි යැයි පුරසාරම් බෑ පුද්ගලයා ද ආර්ථිකය ගැන නිසි දැනුමකින් තොරව වහලුන් ලෙස කටයුතු කළ බවත් එහි ප්‍රතිඵලය ලෙස රට බංකොලොත් වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහජන සභාව රැස් වූ අවස්ථාවේ දී පැවසීය.

ඊට එක්ව සිටියේ වාහන ආනයනකරුවන් ය.

පවතින ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව රැස් වූ අවස්ථාවේ දී ඒ සඳහා ප්‍රකාශ ලබා දුන් පී.බී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් වැනි හිටපු රජයේ ප්‍රබලයෝ කියා සිටියේ ඒ සියලු බදු සහන ලබා දුන්නේ සෞභාග්‍යයේ දැක්මට අනුව සහ කැබිනට් එක අනුමත කිරීමෙන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වසර දෙකහමාරක් රට පාලනය කළ මොවුන්ට ආර්ථිකය පිළිබඳ නිසි දැනුමක් පවා නොතිබූ බවයි.

මේ හේතුවෙන් රටේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් සේම ව්‍යවසායකයන් ආදී සෑම ක්ෂේත්‍රයක්ම පරිහානියට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් බැංකු පද්ධතිය ද අවධානයට ලක්ව ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ රට බේරගන්න ගෙන ආ සූරයන් සහ වීරයන් රට බංකොලොත්භාවයට පත් කළ බව යි.

Related posts

වාමාංශික බලකොටු ද,රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසෙනවා – රුවන් විජයවර්ධන

Editor O

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කෙරේ

Mohamed Dilsad

තවත් නාවිකයන් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment