දේශීය

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය බිඳ වැටෙයි

(UTV | කොළඹ) – පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, නැවත දැනුම් දෙන තුරු, අදාළ කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශිය කාර්යාලවල සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටවෙනු ඇති.

විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට පරිගණක පද්ධතියේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර, එය යථාතත්වයට පත් කළ පසු නැවත දැනුම් දෙන බවයි.

කෙසේ වෙතත් අනෙකුත් කන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව යි විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරන්නේ.

Related posts

තවත් ආසාදිතයින් 715කට සුවයි

Mohamed Dilsad

නැගෙනහිර පුරාවස්තු ආරක්ෂා කිරීමට ජනපති කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment