දේශීය

ජනපති බ්‍රිතාන්‍ය බලා පිටවෙයි

(UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ, අභාවප්‍රාප්ත වු දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමටය.

අද (17) අලුයම 3.15ට පමණ ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකරනු ලබන ප්‍රථම නිල විදේශ සංචාරය මෙය වන බව වාර්තා වේ.

දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය ලබන 19 වනදා සිදුකිරීමට නියමිත අතර එයට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 20 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ දිවුරුම් දීම හෙට

Editor O

තවත් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ පරිපාලනමය වෙනස්කමකට අවධානය

Mohamed Dilsad

Leave a Comment