දේශීය

“වස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක්”

(UTV | කොළඹ) – විස සහිත හාල් ලංකාවට ගෙනා බවට මාධ්‍ය විසින් පළ කරනු ලැබ ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බව ත්, මේ වසරේ ජනවාරි සිට මේ දක්වා පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බව ත්, පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ, වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, ලසන්ත රත්නවීර පෙන්වා දෙයි.

2017 වසරේ සිදුකළ පර්යේෂණයකට අදාළ වාර්තාවක් උපයෝගි කර ගනිමින් මාධ්‍ය එම පුවත සකස්කර ඇති බව ත්, එසේ වුව ද එහි අන්තර්ගත කරුණු ද දෝෂ සහිත බව ද, රත්නවීර මහතා පවසයි.

මෙවැනි සාවද්‍ය පුවත් හරහා මහජන කැළඹීම් ද ඇතිවිය හැකි බැවින්, එවැනි සංවේදී කරුණු වාර්තා කිරීමේදී අදාළ පාර්ශවයන්ගෙන් නිසි විමසීමක් කරන්නේ නම් වඩාත් උචිත බව ද වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ප්‍රකාශ කළේ ය.

මේ සම්බන්ධයෙන් තවදුරට ත් අදහස් ප්‍රකාශ කළ රත්නවීර මහතා පෙන්වා දෙන්නේ මෙය, 2017 වසරේදී කළ පර්යේෂණයක ප්‍රථිපලයක් බවත් එය නුවර ප්‍රදේශයේ සාම්පල් 68ක් සම්බන්ධයෙන් කළ පර්යේෂණයක ප්‍රථිපල බව ය.

එහෙත් එම පර්යේෂණ තොරතුරුද වැරදි ලෙස වාර්තා කර ඇතැයි රත්නවීර මහතා පෙන්වා දෙයි.

බැරලෝහ සාමාන්‍යයෙන් පවතින්නේ කුඩා ප්‍රමාණ වලින් නිසා ඒවා මනින්නේ දසලක්ෂයට පංගුව බැගිනි. එහෙත් මෙම පුවත්පත් වාර්තා කර ඇත්තේ එම ප්‍රමාණයන් තියෙන්නෙ සීයට ගණන්වලිනි. එසේ සීයට ගණන් වලින් බැරලෝහ මනින ක්‍රමයක් ලෝකෙ කොහෙවත් හොයාගත නොහැකි බව ත් එය ප්‍රායෝගික නොවන බව ත් වැඩබලන පළිබොධනාශක රෙජිස්ට්‍රාර් පවසයි. පර්යේෂණ වාර්තාව නිසි පරිදි අධ්‍යයනයකින් තොරව වාර්තා කර ඇති බව ත්, වැරදි අදහස් ඉස්මතුවන ලෙස තොරතුරු සමජගත් කිරීම නිසා මහජන කැළඹීමක් දක්වා මෙය පරිවර්තනය විය හැකි බව ත් ඔහු පෙන්වා දෙයි.

2022 ජනවාරි ඉදන් පරීක්ෂා කළ සහල්වලට මෙය අදාළ නොවන්නේ නම් මෙසේ වාර්තා කිරීමේ කිසිදු පදනමක් නොමැති බව ද ඔහු පවසයි.

මේ සිදුවීම හා මාධ්‍ය වාර්තාව වෙනුවෙන් වැරදි මූලාශ්‍ර ලබා දෙමින් මහ ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොණුකිරීමට කටයුතු කරන බව වෙළෙද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් සිසිර කොඩිකාර මහතා පවසයි.

Related posts

යාල්දේවි පීලිපැනීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

Mohamed Dilsad

වුහාන් සිටි සිසුන් සියරට රැගෙන ඒම ලංකාව ලබාගත් ජයග්‍රහනයක් – රජය

Mohamed Dilsad

මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයන් ගැන සොයා බැලීමට අවසර දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිගෙන් ඉල්ලයි

Editor O

Leave a Comment