දේශීය

අධ්‍යාපනයේ 60 පැන්න අය තියා ගත්තොත් නඩු

(UTV | කොළඹ) – වයස අවුරුදු හැට ඉක්මවන නිලධාරීන් තවදුරටත් එම තනතුරුවලම තබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින්ගේ වෘත්තීය සංගමය තීරණය කර තිබේ.

මෙම වසර අවසානය වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණීයේ නිලධාරීන්ගේ සංඛ්‍යාව තුන්සියය ඉක්මවන බවත් එහෙයින් දැනට සිටින ඉහළ නිලධාරීන් විශ්‍රාම යාමෙන් පද්ධතියට කිසිදු ගැටලුවක් ඇති නොවන බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රභාත් විතානගේ ඊයේ (18 වැනිදා) පැවසීය.

විශ්‍රාම යන නිලධාරීන් කිහිප දෙනෙක් හෝ එම තනතුරුවල තබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණයට දැනට තනතුරු නොමැතිව සිටින ශ්‍රේණිධාරීහු දැඩි විරෝධය දක්වති. අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීහු දෙසිය දහනව දෙනෙක් පළමු ශ්‍රේණියේ තනතුරු නොමැතිව සිටින බවත් එවන් තත්ත්වයක් තිබිය දී තවදුරටත් ඔවුන් සේවයේ තබා ගැනීම තමන්ට කරන බලවත් අසාධාරණයක් බවත් ඔවුහු පවසති.

විශ්‍රාම වයස අවුරුදු හැට දක්වා අඩු කිරීමත් සමග ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විසි දහසක් පමණ විශ්‍රාම යන අතර එහිදී වැඩිම බලපෑමක් සිදු වන්නේ අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්ට බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබිණි.

Related posts

මනුෂ්‍ය ඝාතනයක්

Mohamed Dilsad

වරාය නගර පනත ගැන විවාදය අද

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ නාවික සෙබලුන් ගණන 390 ක්

Mohamed Dilsad

Leave a Comment