දේශීය

ජාතික සභා යෝජනා විවාදය අද

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කිරීමට යෝජිත ජාතික සභාව නැමති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබද යෝජනාව අද (20) විවාදයට ගැනීමට නියමිත යි.

ආණ්ඩු පක්ෂයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරන අතර, එය විවාදයට ගැනීමෙන් අනතුරු ව සම්මත කර ගනු ඇති.

පාර්ලිමේන්තුව අද උදෑසන 09.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර පැයක කාලයක් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර තිබෙනවා.

අනතුරු ව ජාතික සභාව සම්බන්ධයෙන් වන විවාදය ආරම්භ කෙරෙන අතර පස්වරු 5.30 දක්වා එය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තුවේ මහජන ගැලරි අද සිට විවෘත කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඒ අනුව අද සිට මෙය ක්‍රියාත්මක වන අතර රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙරවරු 9යි 30 සිට පස්වරු 3 දක්වා පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවසර ලබා දෙන බවයි ඔහු කියා සිටියේ.

කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතූන් මත පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමේ අවශ්‍යතාව වේත්‍රධාරීවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට පසුගිය දා ඉදිරිපත් කර තිබුණා.

Related posts

IMF සාකච්ඡා තවදුරටත්

Mohamed Dilsad

නියඟයෙන් හානිවූ අක්කර ගණන 47000කට ආසන්න වෙයි

Mohamed Dilsad

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට විද්වත් කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment