විදෙස්

බස් රථ අනතුරකින් 27ක් මරුට – තවත් 20 දෙනකුට තුවාල

(UTV |  චීනය) – කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත චීන ජාතිකයන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රියක් දරුණු අනතුරකට මුහුණ දීමෙන් එහි ගමන් කරමින් සිටි 27 දෙනකු මරණයට පත්ව ඇති අතර තවත් 20 දෙනකු තුවාල ලබා තිබේ.

කොවිඩ් සම්බන්ධයෙන් එරට අනුගමනය කරන දැඩි ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතාව තුළ පවතින විරෝධය නැවතත් ඉහළ දැමීමට මෙම සිද්ධිය සමත්ව ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ බස් රථය පෙරැළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

නමුත් අනතුරට හේතුව කුමක්ද යන්න පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වනවිටත් නිශ්චිතව අනාවරණය වී තිබුණේ නැත.

ලොව බොහෝ රටවල් මේ වනවිට කොවිඩ් සමග ජීවත්වීමට හැඩ ගැසෙමින් සිටියත් චීනය තවමත් ඊට අදාළව දැඩි සීමා ක්‍රියාත්මක කරයි.

මහා පරිමාණ කොවිඩ් පරීක්‍ෂා සහ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තැබීම් ආදිය ඒ අතර වෙයි. බීජිං නගරයේ වැසියන් සෑම දින තුනකට වරක්ම කොවිඩ් පරීක්‍ෂාවන් සඳහා පෝලිම්වල සිටිය යුතුය.

එම පරීක්‍ෂාවන්ට පෙනී නොසිටියහොත් ප්‍රසිද්ධ ස්ථානවලට යාමේදී ගැටලුවලට මුහුණ දීමට ජනතාවට සිදුවේ.

Related posts

රොබට් මුගාබේගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව 14 වෙනිදා

Mohamed Dilsad

කොරෝනා මරණ ගණන සිඝ්‍රයෙන් ඉහලට

Mohamed Dilsad

හජ් වන්දනාවට එන බැතිමතුන්ට එන්නත අනිවාර්යයි

Mohamed Dilsad

Leave a Comment