දේශීය

කංසා ගැන රාජ්‍ය ඇමතිගෙන් තීරණයක්

(UTV | කොළඹ) – ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා අවශ්‍ය නීතිය කැබිනට් මණ්ඩලය හමුවට ගෙනඑන බව දේශීය වෛද්‍ය, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

එළඹෙන 5 වනදා වනවිට ඊට අදාළ කටයුතු සම්පාදනය කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඊයේ(23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඖෂධීය කංසා නිෂ්පාදන හරහා රටට වැඩි අපනයන ආදායමක් ලබාගත හැකි බවය.

“දේශීය වෙදකම් ප්‍රවර්ධනයත්, ආයුර්වේද ක්ෂේත්‍රයෙනුත් පමණක් ඩොලර් බිලියන 3ක් අපට විදේශ විනිමය ලබාගන්න පුළුවන්. මහා සම්පතක් මත අපි ඉන්නේ. ඒ ජයග්‍රහණ තවම අපේ රටට ලබාදෙන්න අපට හැකියාවක් ඇත්තේ නෑ.”

“ඒ නිසා ඒවාට සම්බන්ධ බාධක, මේ මෑත දින කිහිපය තුළ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඉතා ප්‍රබල සාකච්ඡාවක් ඇති වුණා… ඖෂධීය කංසා සම්බන්ධයෙන්. අපනයනය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක්.”

“විශේෂයෙන්ම මේ ජයග්‍රහණය අපිට ඉදිරි කාලපරිච්ඡේදයේ දී රටට ලබාදිය හැකියි. ලෝකයේ ට්‍රිලියන 4කට වඩා වැඩි වෙළෙඳපොළක් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඖෂධීය කංසාවලට තියෙනවා.”

“පාරම්පරික වෙදකමේ අවුරුදු දහස්ගණනක් තිස්සේ භාවිතා කළ ඖෂධ මේවා. විශේෂයෙන් බටහිර ඉංග්‍රීසි අධිරාජ්‍ය කාලපරිච්ඡේදය තුළ තමයි මේවා යටපත් කළේ. ඉතින් ඒ පාරම්පරික වේදකමත් එක්ක තමයි ඖෂධීය කංසා පිළිබඳ සාකච්ඡාව ඇති වුණේ.”

“පසුකාලීනව ආයුර්වේද නිෂ්පාදන ලෙස එළිදැක්වීම සිද්ධ වුණා. ඒ කොහොම වුණත්, ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව පමණක් අපනයනය අරමුණු කරගෙන ආයුර්වේද නිෂ්ෂාදන අපිට මේ වෙළෙඳ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නෛතික කරුණු මේ වනවිට සම්පාදනය වෙනවා. මේක දැනටමත් කල්ගියා වැඩියි.”

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ 29,694 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

Leave a Comment