දේශීය

ආනයනය තහනම එක්ක රූපලාවන්‍ය ක්ෂේත්‍රයත් කොට උඩ

(UTV | කොළඹ) – රජය රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ආනයනය තහනම් කිරීම හේතුවෙන් 50,000 ක් පමණ වන රූපවන්‍යාගාරවලින් සියයට 90 ක් වැසී යෑමේ සහ ඒවායේ රැකියාව කරන ලක්‍ෂ 4 කට අධික පිරිසෙන් සියයට 80 ක පමණ රැකියා අහිමිවීමේ අවදානමකට ලක්ව ඇති බව රූපලාවන්‍ය සහ කේෂ අලංකරණ ශිල්පීන්ගේ එකමුතුවේ සභාපති ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකි අපෝන්සු මහත්මිය පැවසුවාය.

රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය තහනම ඉවත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් මීට සති තුනකට පමණ පෙර ඉල්ලීමක් කර සාකච්ඡා කීපයක් ද පැවැත්වුවද මේ දක්වා තහනම ඉවත් නොකළ බව කී ජැකි අපෝන්සු මහත්මිය එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලට යෙදෙන වැඩ අධික සමයට රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ලබාගැනීමට නම් අද හෙටම ආනයන තහනම ඉවත්කළ යුතු බව ද සඳහන් කළාය.

රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ උපකරණ ආනයනයට දින 45 ත් 60 ත් අතර කාලයක් ගතවන බවත් රජය ඉතාමත් ඉක්මණින් මේ පිළිබඳව අවධානය යොමුකරනු ඇති බවට විශ්වාස කරන බවත් අපෝන්සු මහත්මිය වැඩි දුරටත් කීවාය.

රූපලාවන්‍ය ක්ෂේත්‍රය පත්ව ඇති අසීරු තත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹදී ඊයේ (23) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ජැකි අපෝන්සු මහත්මිය එසේ පැවසුවාය.

එම මාධ්‍ය හමුවේදී ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී බර්නි බාලසූරිය මහත්මිය පැවසුවේ මෙම තත්වය හේතුවෙන් රූපලාවන්‍ය පාඨමාලා ද ඇනහිට ඇති බවත් ඒ හේතුවෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විදේශ රැකියාවට යෑමට ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්ය.

Related posts

සවුදියේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ට තාවකාලික සහනයක්

Mohamed Dilsad

මෙවර කිසිදු පෙරහරක් නැරඹීමට අවසර හිමි නොවේ [PRESS RELEASE]

Mohamed Dilsad

IDH රෝහලේ සිටින චීන ජාතිකයන්ට කොරෝනා වැළඳී නැහැ

Mohamed Dilsad

Leave a Comment