ක්‍රීඩා

BPL සඳහා කණ්ඩායම් 7ක්

(UTV |  බංගලාදේශය) – බංගලාදේශයේ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළ පරිදි, බංගලාදේශ ප්‍රිමියර් ලීග් (BPL)  තරඟාවලියේ ඉදිරි අදියර තුන සඳහා කණ්ඩායම් හතක් සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම තරගාවලියේ පෙර අදියරේ ශූරතාව දිනූ බසුන්දර සමූහ ව්‍යාපාරයේ රංග්පූර් කණ්ඩායමද නැවතත් තරගාවලියට එක්ව සිටිති.

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය 2023-2025 තරග වාරය සඳහා කණ්ඩායම්වලට එක්වීමට ටෙන්ඩර් කැඳවීමෙන් පසුව, කණ්ඩායම් හත සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්ව නවයක් කැමැත්ත පළ කර තිබුණි.

එමෙන්ම 2023 තරඟාවලිය ජනවාරි 5 සිට පෙබරවාරි 16 දක්වාද, 2024 තරඟාවලිය ජනවාරි 06 සිට පෙබරවාරි 17 දක්වාද, 2025 තරඟාවලිය ජනවාරි 01 සිට පෙබරවාරි 11 දක්වාද පැවැත්වීමට නියමිතයි.

බංගලාදේශයේ ෂකීබ් අල් හසන්ට අයත් මොනාක් හෝල්ඩින්ග් සමාගමද මෙවර තරගාවලිය සඳහා ලිපි ලේඛන ඉදිරිපත් කර තිබුණද ඔහුට එම අවස්ථාව හිමි නොවීය.

තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන්, Fortune Barishal Sports Ltd (Barishal), Mindtree Limited (Khulna), Progoti Green Auto Rice Mills Ltd (Dhaka), Future Sports Bangladesh Limited (Sylhet), Bashundhara Group’s Toggi Sports Limited (Rangpur), Delta Sports Ltd (Chattogramm), Comilla Legends Limited (Comilla).

Related posts

ලෝක කුසලානය හඹා යාමට නොහැකිවූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව කියන කතාව

Mohamed Dilsad

එංගලන්ත සංචිතයේ වෙනසක්

Mohamed Dilsad

ශකිබ් අල් හසන් බංග්ලාදේශයේ නායකත්වයට

Mohamed Dilsad

Leave a Comment