දේශීය

වාහන සර්විස් ගාස්තුත් ඉහළට

(UTV | කොළඹ) – ඉහළ දැමූ ජල ගාස්තුවට අදාළ මාසික බිල්පත් මේ වනවිට ලැබෙමින් පවතින බවත්, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ජල බිල්පත් 200%ත් 250%ත් අතර මුදලකින් ඉහළ ගොස් තිබෙන බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මේ නිසා ජලය උපයෝගී කරගෙන සකස් කරන සියලුම කෙමිකල් වර්ගවල මිල දෙගුණයකින් හා පලතුරු බීම හා යෝගට් පානයන්වල මිල 50%කින් පමණ ඉහළ දැමීමට කටයුතු කරන බවද එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය.

මීට අමතරව වාහන සර්විස් කිරීම සඳහා අය කරන මිල ගණන්ද 50%ත් 100%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට කටයුතු කරන බවත්, පසුගිය මාසයේදී විදුලි බිල පවා අතිවිශාල මුදලකින් ඉහළ යාම නිසා කර්මාන්තකරුවන් දැඩි ලෙස අසරණ වී සිටින බවත් හෙතෙම පවසා සිටියේය.

පසුගිය මාසයේදී රුපියල් 7,000ක ජල බිල්පතක් ලැබුනු ව්‍යාපාරිකයන් රුපියල් 15,000ක ජල බිල්පතක් ලැබී තිබෙන බවත්, රුපියල් 12,000ක ජල බිල්පතක් ලැබුණු කර්මාන්තකරුවන්ට රුපියල් 25,000ක ජල බිල්පතක් වශයෙන් විශාල ජල බිල්පත් ලැබෙමින් තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ජල බිල්පත හා විදුලි බිල්පත සුළු මුදලකින් ඉහළ දමන බවට බලධාරීන් සඳහන් කළත්, පාරිභෝගික ජනතාවට හා කර්මාන්තකරුවන්ට අතිවිශාල ජල බිල්පත් ලැබෙමින් තිබෙන බවත්, මේ නිසා රජය මේ පිළිබඳ අවධානය යොමුකර කර්මාන්තකරුවන්ට හා ගෘහස්ථ පාරිභෝගික ජනතාවට සහන සැලසීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.

Related posts

ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි 15,000 ක් සූදානම්

Editor O

ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

21 වන සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment