දේශීය

“ලංකාවට IMF සල්ලි ලැබෙන දිනය අවිනිශ්චිතයි”

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා දෙන කාලවකවානුව නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි මෙරට ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි උපුටා දක්වමින් Nikkei Asia සඳහන් කර ඇත්තේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට කාලය ගතවන බැවින් කාල නියමය පුරෝකථනය කිරීම අපහසු බව ය.

ශ්‍රී ලංකාවට හැකි ඉක්මනින් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන පරිදි එම ක්‍රියාවලියට සම්බන්ධ සියලු ම පාර්ශ්ව කඩිනමින් කටයුතු කළ බව ඔවුන් සඳහන් කර තිබේ.

“ණය සහන සාකච්ඡා ක්‍රියාවලිය සඳහා කාලය ගතවන බැවින් කාල නියමය පුරෝකථනය කිරීම අපහසු යි. ඊට සම්බන්ධ සියලු ම පාර්ශව කඩිනමින් තීරණය ගත යුතුයි. එවිට ශ්‍රී ලංකාවට හැකි ඉක්මනින් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වේවි.”

සැප්තැම්බර් මස මුලදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.9ක ණයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹියේ ය.

අනතුරුව සැප්. 23 වන දා පැවති සාකච්ඡාවකදී කිරීමකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ආයෝජකයින්ට ප්‍රකාශ කර තිබුණේ, මෙම වසර අවසානය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය අනුමත කරනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ය.

Related posts

රට කරන්න බැරිනම් කළ හැකි කණ්ඩායමකට දෙන්න – විපක්ෂ නායක

Mohamed Dilsad

වුහාන් හි ලංකා සිසුන් ඉවත් කිරීමට තවමත් අවසරයක් නැහැ

Mohamed Dilsad

රන්ජන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත

Mohamed Dilsad

Leave a Comment