දේශීය

ආනයන තහනම ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට සූදානම

(UTV | කොළඹ) – පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි හෝ අත්‍යාවශ්‍ය නොවන පදනම මත අදාළ භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බවයි. සියඹලාපිටිය මහතා මේ අදහස් පළ කළේ ඊයේ (29) පස්වරුවේ ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

“ණය සංචිත ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. ජනතාවට අත්‍යාවශ්‍ය ගෑස් තෙල් සෞඛ්ය සහ ඖෂධ ආනයනය සඳහා මුදල් අවශ්‍යයි. ඒ නිසා අපිට අවශ්‍ය වුණා ප්‍රමුඛතා ලේඛනයක් හදන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය මගින් තමයි මේක නිර්දේශ කළේ. ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඇත්තටම ඉතාම අවශ්‍ය නොවන දේවල් කියනවා ආනයනය කරන. අපි දැහැටි කූරු ආනයනය කළා, සරුංගල් ආනයනය කළා. බෙහෙත් නැති රටේ අපි විදේශවලින් සරුංගල් ගෙනාවා. අගෝස්තු මාසෙ 23 නිකුත් කළා ගැසට් නිවේදනයෙන් අපි භාණ්ඩ 1465ක් නවත්වනකොට මේවා අපිට නවත්වන්න සිද්ධ වුණා. පසුව වාණිජ මණ්ඩල ඇතුළු විවිධ පාර්ශ්වවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් භාණ්ඩ 708ක ආනයන සීමා ඉවත් කළා”

“අපි අපනයන වැඩි කරලා ආනයන සීමා කළ යුතුයි. ඩොලර් හිඟය සමඟ තමයි මෙම තහනම ඇතිකළේ. නැවත වරක් සලකා බලලා අපි මේවා ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. කර්මාන්තය අංශයට අවශ්‍ය කරන ඒවා නිදහස් කරලා තියෙනවා. කෘෂිකර්ම සහ අපනයන අවශ්‍යතාවක් නිසා රට පැත්තෙන් හිතලා කමිටුවක් මඟින් කරන ආකාරයට තමයි මේවා ලිහිල් කිරීම් කටයුතු සිද්ධ වෙන්නේ. මීට අමතරව අපි දෘශ්‍යාබාධිත උපකරණ සඳහා පනවා තිබූ සීමා කිරීම් ද ඉවත් කිරීමට කටයුතු කළා ”යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

Related posts

මෙන්ඩිස් සමාගමේ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

Editor O

විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තරයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

Editor O

තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට සහයෝගය

Mohamed Dilsad

Leave a Comment