දේශීය

ඔක්තෝම්බර් පළමුවැනිදා වෙනුවෙන් සත්වෝද්‍යාන ළමුන්ට සහ වැඩිහිටියන්ට නොමිලේ

(UTV | කොළඹ) – හෙට (01) දිනට යෙදී ඇති ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වු වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලයේ ඇතුලු වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී තිබෙනවා.

එමෙන්ම සත්වෝද්‍යානවල දී දරුවන්ට සතුන් පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දීමට අධ්‍යාපනික වැඩ සටහන් රැසක් ද සංවිධානය කර ඇති බව වාර්තා වනවා.

දරුවන්ට හා වැඩිහිටියන්ට විනෝද වීමට අවස්ථාව ලබා දෙමින් සතුන්ට ආහාර දීමට හා සතුන් සමග ඡායාරූප ගැනීමට ද අවස්ථාව සියලු වනෝද්‍යාන වල සලසා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිත්වයට ජගත් වික්‍රමසිංහ

Mohamed Dilsad

දුම්රිය සේවකයින්ගේ සාකච්ඡා අසාර්ථක වෙයි

Mohamed Dilsad

සියලු PCR පරීක්ෂණාගාර සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment