දේශීය

මෛත්‍රීගෙන් රිට් පෙත්සමක්

(UTV | කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව තමාට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා නිකුත් කර ඇති සිතාසිය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා සහ එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නම් කර ඇති බව වාර්තාවේ.

පාස්කු ප්‍රහාරය එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පුද්ගලික පැමිණිල්ලට අදාළව සැකකරුවෙකු ලෙස නම් කරමින් ලබන ඔක්තෝබර් මස 14 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිතාසි නිකුත් කර තිබුණි.

Related posts

කප්පම් කල්ලියක් අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් අභිරහස් ඝාතනයක්

Mohamed Dilsad

2022 අයවැය අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment