දේශීය

“මවුපියන්ට අනවශ්‍ය බර එපා” – අධ්‍යාපන අමාත්‍යාංශය

(UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කරන පාසල් ගාස්තු හැර ළමා ගුරු දින ඇතුළු විවිධ උත්සව සඳහා දරුවන්ගෙන් සහ මවුපියන්ගෙන් මුදල් එකතු කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පාසල් බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරමින් 2015/5 චක්‍රලේඛය නිකුත් කර ඇති බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා මවුපියන් දැඩි ආර්ථික අපහසුතා මැද සිටින අවස්ථාවක ඔවුන් මත අනවශ්‍ය බර පටවමින් කටයුතු නොකිරීමට විශේෂයෙන් විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බවද ප්‍රකාශ කළේය.

පාසල් දරුවන්ගෙන් සහ මවුපියන්ගෙන් විවිධ ආකාරයේ මුදල් ඇයි කිරීමේ සිද්ධීන් ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල තොරතුරු අනාවරණය කෙරිණ.

Related posts

දුෂ්කර පාසල්වල ගුරුවරුන්ට වැටුපට අමතරව තවත් දීමනාවක් – අධ්‍යාපන ඇමති

Mohamed Dilsad

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරීම වළක්වා ගන්න පාසල් දරුවන්ට මුහුණ ආවරණ පළඳවන්න – සෞඛ අංශ ඉල්ලීමක් කරයි.

Editor O

මුහුද රළු වෙයි – ධීවරයන්ට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment