ක්‍රීඩා

T20 ලෝක කුසලාන තරගයට සිංහයන් දිවයිනෙන් පිටත්ව යයි

(UTV | කොළඹ) – ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනේ පිටත්ව යනු ලැබිය.

ඔවුන්ට සමුදීම වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ පවුලේ ඥාතීන් මෙන්ම ක්‍රිකට් ආයතන නිලධාරීන් ද එක්ව සිටි බවට වාර්තා වුනි.

ලබන (16) වැනිදා මෙම තරඟාවලිය ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම කල් වේලා ඇතිවම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ලබන්නේ එහි පවතින තත්ත්වයන්ට කල් තියා හුරුවීම අරමුණු කර ගනිමින් බවය.

සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි විය යුතු වන අතර එම තරගාවලිය ලබන (16) වැනිදා නැමීබියාවට එරෙහි සටනින් ආරම්භ වෙයි.

මෙම තරගාවලියේ වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කරන කණ්ඩායමට සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය විවෘත වනු ඇත.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පෙර පුහුණු තරග 2 කට ක්‍රීඩා කරන අතර අනතුරුව සුදුසුකම් ලැබීමේ තරග වටයේ තරග 3කට ක්‍රීඩා කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක සහ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සඳහන් කර සිටියේ සුපිරි කණ්ඩායම් 12 අතර තරගාවලිය ආරම්භයට පෙර තම කණ්ඩායමට පුහුණු තරග 2කට අමතරව සුදුසුකම් ලැබීමේ තරග වට‌ය යටතේ වන තරග 3ට ක්‍රීඩා කිරීමට ලැබීම කණ්ඩායමේ වාසියට හේතු වනු ඇති බවයි.

ගතවූ වසර කීපයේදී විස්සයි-20 තරග අංශය තුළ දක්වන ලද දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට සෘජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාව වෙතින් ගිලිහී යනු ලැබිය.

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට සිදුවන නමුත් ඔස්ට්‍රේලියාවේ තණතීරුවලට හුරුවීමට එමගින් වඩාත් හොඳ අවස්ථාවන් නිර්මාණය කර දෙන බව නායකයා මෙන්ම පුහුණුකරුවාගේද අදහස වී ඇත.

Related posts

රග්බි අවසන් පූර්ව වටයට වේල්සය

Mohamed Dilsad

කි‍්‍රකට් නිලවරණය දෙසැම්බර් අවසානයේ

Mohamed Dilsad

ප්‍රබල ඉන්දියාවට දිනන්න නොදී ඇෆ්ගනිස්ථානුවන් ආසියානු කුසලානයේ ඊයේ තරඟයේදී සිදුකළ පෙරළිය

Mohamed Dilsad

Leave a Comment