දේශීය

පාළාත් කිහිපයකට තද වැසි

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) දිනයේදී විටින් විට වැසි ඇතිවන අතර, සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවන අතර, ඌව පළාතේත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 50, 55 ක පමණ වේගවත් තද සුළං ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බවද එම ප්‍රකාශකයා කීය.

එමෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ පැයට කිලෝමීටර 60, 70 පමණ වේගවත් සුළං ඇතිවන අතර, මුහුදු රළ ඉහළයාමේ හැකියාවක් ද පවතින බැවින් එම මුහුදු ප්‍රදේශවල අද (3) දිනයේදී ධීවර හා නාවුක කටයුතුවල නොයෙදිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ගාල්ල සිට කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර සහ නාවුක ප්‍රජාව ද අවදානයෙන් කටයුතු කළ යුතු බව එහි දැක්වේ.

Related posts

කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය ගැන ඇමති අද පාර්ලිමේන්තුවේදී කියු කතාව

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ දෙකක්[RELEASE]

Mohamed Dilsad

Leave a Comment