දේශීය

සංශෝධිත 22 විවාදයට ගැනීම කල්යයි

(UTV | කොළඹ) – මෙම සතියේ විවාදයට ගැනීමට තිබූ 22 වැනි ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවාදය අද (06දා) සහ හෙට (07දා) දිනයේදී මීට පෙර පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ඇති වූ අදහස් සමග පසුව පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම විවාදය කල් දැමීමට තීරණය කෙරිණි.

Related posts

පොලීසියෙන් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක්ට තුවාල

Editor O

ආණ්ඩුවට, රට පාලනය ගැන අවබෝධයක් නැහැ – හිටපු ඇමති පාඨලී චම්පික

Editor O

30 වන කොරෝනා ආසාදිතයාගේ මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment