විදෙස්

දිවා සුරකුම් මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබිමකින් ළමුන් ඇතුළු 34ක් ජීවිතක්ෂයට

(UTV |  තායිලන්තය) – තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළු හිටපු පොලිස් නිලධාරියෙකු විසින් එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තායිලන්ත පොලීසිය පවසයි.

තායිලන්තයේ ඊසාන දිග නොංග් බුවා ලැම්පුහි මෙම‌ ඛේදවාදකය සිදුව තිබේ. ප්‍රහාරයෙන් අනතුරුව සැකකරු පළාගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරකයා වෙඩි තැබීමෙන් අනතුරුව ළමුන්ට හා ඒහි සිටි වැඩිහිටියන්ට තියුණු ආයුධයකින් පහරදී ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයට හේතුව අණාවරණය වි නොමැත. ඒසේම ඔහු තමන්ගේ බිරිද මෙන්ම දරුවන්ද ඝාතනය කර ඇතැයි තායිලන්ත මාධ්‍ය පවසයි. දිවා සුරකුම් මධ්‍යස්ථානයේ ළමුන් 23ක් මෙම මිලේච්ඡ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

තායිල්නත පොලීසිය මගින් සේවය පහකළ 34 හැවැරිදි පුද්ගලයෙක් මෙම ඝාතනයන් සිදුකර තිබේ.

Related posts

වෛද්‍යවරයෙකුට වසර 175 ක් දක්වා සිර දඬුවමක්

Mohamed Dilsad

මගී බෝට්ටු අනතුරින් මිය ගිය පිරිස සොයා මෙහෙයුම්

Mohamed Dilsad

වසර 50 කට පසුව නොබෙල් භෝජන සංග්‍රහය අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment