දේශීය

මුදල් අවභාවිතා කිරිමේ චෝදනා එල්ල වු හිටපු ඇමති රිෂාඩ් නඩුවෙන් නිදහස්

(UTV | කොළඹ) – මහජන මුදල් අවභාවිතකරමින් සහ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පුද්ගලයින් ප්‍රවාහනය කිරිමේ චෝදනාව එල්ල වි සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඔහුව නිදහස් කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව, අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ කැඳවු අවස්ථාවේදියි. නිතීපතිවරයා විසින් ලබා දුන් උපදෙස් අනුව ඔහු ඇතුළු පිරිස මෙම නඩුවෙන් මුදා හැර තිබෙනවා.

2015 ජනාධිපතිවරණය සමයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් සීලා වතුර ප්‍රදේශයේ අවතැන් වුවන් ඡන්දය ප්‍රකාශයට පත් කිරිම සඳහා රැගෙන ගොස් තිබුණා.

එමගින් රජයට රුපියල් ලක්ෂ 95 කට වැඩි මුදලක් අවභාවිතා වි ඇති බවටයි නඩු පවරා තිබුණේ.

Related posts

සමස්ත පාසල් දරුවන් ගැන සිතා හෙට සේවයට වාර්තා කරන්න – ඇමති බන්දුල ගුණවර්ධන

Editor O

තවත් ආසාදිතයින් 715කට සුවයි

Mohamed Dilsad

2021 අයවැය නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment