දේශීය

උද්ඝෝෂකයින් විසුරුවා හැරීම ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

(UTV | කොළඹ) – කොළඹ ගාලු මුවදොර පසුගිය ඉරිදා දිනයේ පැවති විරෝධතාවය පොලීසිය විසින් විසුරුවා හරින ලද්දේ කුමන පදනමක් යටතේ ද යන්න වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

අදාළ වාර්තාව පැය 24ක කාලයක් තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු බව පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

පසුගිය 09 වන දින කොළඹ ගාලු මුවදොර පැවති විරෝධතාව සහ සැමරුම විසුරුවා හැරීමට පොලීසිය විසින් කටයුතු කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

තවත් පිරිසක් පූර්ණ සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

කසළ ප්‍රවාහනයට ‘කුරුම්බැට්ටියා’ නමින් බහු කාර්ය පාපැදියක්

Mohamed Dilsad

නාවලපිටිය හිටපු නගරාධිපති ඇතුළු 08 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment