දේශීය

ඉන්ධන ප්‍රමිතිය ගැන වාර්තාව අද

(UTV | කොළඹ) – ඇතැම් ඉන්ධන පිරහුම් හල් වලින් ඔක්ටෙන් 95 බව කියමින් ඔක්ටේන් 92 ඉන්ධන නිකුත් කරන බවට ලද පැමිණිල්ලකට අනුව ඉන්ධන වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා ඉන්ධන සාම්පල තාක්ෂණික ආයතනයට යොමු කළ බවත් අදාළ චෝදනා වල සත්‍ය අසත්‍යතාව පිළිබඳ වාර්තාව අද(12) ලැබෙනු ඇති බවත් මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි .

සභාපතිවරයා ඒ බව අවධාරණය කර සිටියේ ඉකුත් දා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති,

“ඉන්ධන පිරවුම් හල් වල සිදුවන බව කියන අකටයුතුකම් පිළිබඳව පසුගිය මාස දෙක තුන පැමිණළ පැමිණිලි 200 කට වඩා ලැබී තිබුණා . පාරිභෝගික සේවා අධිකාරියත් මේ සම්බන්ධයෙන් පැමිණිලි කළා . පාරිභෝගික සේවා අධිකාරියෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පසුගියදා වැල්ලවාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් පරික්ෂා කළා . එක් ඉන්ධන පිරවුම්හලක පොම්ප අටක් තිබුණා .

ඒ පොම්ප අටෙන්ම ඉන්ධන නිකුත් කෙරුණේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් . ඉන්ධන ලීටරයක් මිලට ගන්නා පාරිභෝගිකයකුට සැබෑ ලෙසම ලැබී තිබුණේ තමන් ගෙවූ මුදල් වටිනාකම ට අඩු ඉන්ධන ප්‍රමාණයක් . එම පිරවුම්හලෙන් ඉන්ධන ලීටර් 20 ක් ලබාගන්නා සෑම පාරිභෝගිකයෙකුට ම රුපියල් 100 ක පාඩුවක් සිදුව තිබුණා . එම අසීමිත ලාභය ගොස් තිබුණේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුටයි . මේ අසීරු අවස්ථාවේ ව්‍යාපාරිකයන් තමන්ගේ වෙළඳාම සාධාරණව නොකොළොත් අසීරුතාවයට පත් වන්නේ ජනතාවයි”

Related posts

පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය කරුණකට පමණක් භාවිත කරන්න

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ ආයතනයේ සේවකයන්ට රජයෙන් විශේෂ දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment