දේශීය

කුළුබඩුවලත් ඇෆ්ලටොක්සීන් අවදානමක්

(UTV | කොළඹ) – ඇෆ්ලටොක්සීන්වලින් පිළිකා සැදෙන්නේ වැඩිහිටියන්ගේ අක්මාවේ බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්ෂාන් අබේනායක පවසයි.

දරුවන්ගේ අක්මාව තුළ පිළිකා හට ගැනීම ඉතාම විරල බවත් ත්‍රිපෝෂ වැනි ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් දරුවන්ට අක්මාවේ පිළිකා හට නොගන්නා බවද හෙතෙම අවධාරණය කළේය.

ඒ සම්බන්ධව දෙමව්පියන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසද ඔහු ඉල්ලීමක් කරයි. එසේම ඇෆ්ලටොක්සීන් විෂකාරකය ශරීරගත වුවහොත් ශරීරයේ වෙනත් ස්ථානවල පිළිකා හට නොගන්නා බවද ඔහු කීය.

තවද සිරෝසීස් සහ අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් අක්මාවේ පිළිකා ඇති විය හැකි බව ඔහු කීය.

මේ අතර, බඩඉරිඟු, පොල්, කුළුබඩු මෙන්ම වෝල්නට් හා ආමන්ඩ් වැනි තෙල් ලබාගන්නා ඇට වර්ගවල පිළිකාකාරක රසායනික ද්‍රව්‍යයක් වන ඇෆ්ලටොක්සීන් අඩංගු විය හැකි බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ අයතනයේ දිලීරවේද දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි දීලිරවේදි විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර පැවසුවාය. ඊයේ (12) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කළේ මෙම සියලු අහාර ද්‍රව්‍යවල ඇස්ෆරජස් දිලීරය අඩංගු බවයි.

එසේම සත්ත්ව ආහාරවල ද ඇෆ්ලටොක්සීන් විෂ රසායනික ද්‍රව්‍ය ඇති බවත් එම සත්ත්ව ආහාර මිනිසුන් පරිභෝජනය කළහොත් යම් ප්‍රමාණයකට ඇෆ්ලටොක්සීන් ශරීරයට ඇතුළු විය හැකි බවත් වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

තවද, ධාන්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන ආහාරවල ද ඇෆ්ලටොක්සින් ඇති අතර, කිසිදු හේතුවක් මත දිලීර සහිත ආහාර ලබා නොගතයුතු බව විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළාය.

Related posts

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය

Mohamed Dilsad

අද සිට වැසි වැඩිවේ

Mohamed Dilsad

දිස්ත්‍රික් 08 කට නායයාමේ අවදානම්

Mohamed Dilsad

Leave a Comment