දේශීය

ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට

(UTV | කොළඹ) – බන්ධනාගාරය තුළ දුරකතන භාවිතා කළ චෝදනාවට තිළිණි ප්‍රියමාලි නමැති සැකකාරිය අද (13) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

බන්ධනාගාර නීති රීති යටතේ තහනම් භාණ්ඩයක් වන ජංගම දුරකතනයක් සන්තයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඇයව කොළඹ අතිරේක දිසා විනිසුරු තුමා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ඒකනායක මහතා කීය.

පුද්ගලයන් රැසක ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මෙම 19 දක්වා රිමාන්ඩ් බාරයට පත්කර තිබුණි.

සැකකාරිය වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රක්ෂණ භාරයේ සිටියදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිළධාරිනියන් විසින් සැකකාරිය සන්තකයේ තිබි ජංගම දුරකථනයක් ඉකුත් (6) දින අත්අඩංගුවට ගන්නා ලදි

Related posts

විදේශ අමාත්‍යවරයාගේ පළමු නිල සංචාරය ඉන්දියාවට

Mohamed Dilsad

‘ශ්‍රී ලංකාව කඩිනමින් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යොමුවිය යුතුයි’

Mohamed Dilsad

සජිත් ට සහය දෙන්න ශ්‍රීලනිප සූදානම්

Mohamed Dilsad

Leave a Comment