දේශීය

පැය 12ක් වතුර කපන ප්‍රදේශ මෙන්න

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (15) පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අද රාත්‍රී 10.00 සිට හෙට (16) පෙරවරු 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව, කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශ සඳහා අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ කටයුතුක්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

දානය නොමැති විහාරස්ථාන ඇත්නම් දැනුම් දෙන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

නව නියෝජ්‍ය කතානායක ධූරය අජිත් රාජපක්ෂට

Mohamed Dilsad

තොග නැතිව ගෑස් බෙදාහැරීම නවතී

Mohamed Dilsad

Leave a Comment