දේශීය

තවදුරත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

(UTV | කොළඹ) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

සජිත් ප්‍රේමදාස හමුවීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

Editor O

මැලේසියාවට එරෙහි 20-20 තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගනී

Editor O

පස්සර බස් රථය පෙරළීමෙන් මිය ගිය ගණන 12 ක්[UPDATE]

Mohamed Dilsad

Leave a Comment