දේශීය

“රජය ඇතුළු ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව 2 වන දා පාරට බහිනවා”

(UTV | කොළඹ) – රජය ඇතුළු ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 වන දා දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එක්ව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කොට ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ශිෂ්‍ය සංගම්, සිවිල් ක්‍රියාකාරීන් මේ සඳහා එක්වන බව ද ඔහු කීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසටත්, විරෝධතා පැවැත්වීමේ අයිතියට බාධා නොකරන ලෙසටත් බල කරමින් මේ විරෝධතාව සංවිධාන කොට ඇතැයි ද හෙතෙම පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රකාශනයේ හා භාෂණයේ නිදහස තහවුරු කොට තිබියදීත් වසර සියයකටත් වඩා පැරණි පොලිස් ආඥා පනත භාවිත කරමින් උද්ඝෝෂණය කිරීමේ අයිතිය මර්දනය කිරීමට කිසිසේත් ම පොලිසියට ඉඩදිය නොහැකි බව ද ඔහු අවධාරණය කළේ ය.

Related posts

කොරෝනා නිසා පොලිස් ස්ථානයක් වැසෙයි

Mohamed Dilsad

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු දැනුම් දීමට දුරකථන අංක 2ක්

Mohamed Dilsad

කටුනායක නව අංගනයේ ඉදිකිරීම් මාස 3ක් තුළ අවසන් කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment